අහිමි නිදහස

2025 අප්‍රේල් මස 22 පෙ.ව. 12:51 - {{hitsCtrl.values.hits}}  

කොහේදෝ මේ මගේ නිදහස
බිත්ති හතරට කොටුවෙලා
කළත් පාඩම් කොපමණක් මං
නැතිද දැන්වත් නිදහසක්

පෙර වගේ සෙල්ලමට බැරි ඇයි
එකතුවන්නට තුටු වෙලා
යන්න ඇසුවොත් හදිසියේවත්
බැණවදී විගසම හෙළා

කෙළිබිමේ මම නැති නිසා දැන්
අලුත් විරයො බිහිවෙලා
මම ගියොත් දැන් 
ඔවුන් පැරදෙයි 
මේ මගේ දස්කම් නිසා

මක් කරන්නද ? යන්න බැරිනම්
විභාගේ අත ළඟ නිසා
විභාගේ හරියටම ලියලා
යනවා නිදහස සොයමිනා
බිත්ති හතරත් බිම හෙළා

තුසිත තේමිය තෙන්නකෝන්
ර/ශ්‍රී බුද්ධ ජයන්ති මධ්‍ය මහා විද්‍යාලය, බලංගොඩ.

 

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...