ආදරණීය අප්පච්චි

2025 අප්‍රේල් මස 18 පෙ.ව. 08:44 - {{hitsCtrl.values.hits}}  

ඇවිදින්නටත් පෙර
දණගාන කාලෙදිම 
වැටි වැටී නැගිටින්නට
අඩියෙන් අඩිය තබන්නට
ඔබ දුන් ශක්තිය වටී අදටත්
බාධක තුළින් ජය ගන්නට ජීවිතය
කුසට අහරක් නොමැතිව
උදේ සිට හිරැ බසින තුරා
වෙහෙසෙන්නේ ඔබ
සිප් කිරි පොවන්නට
අප උගතුන් කරන්නට
ජීවිතයේ තුන් කාලයම
ඒකාලෝක  කරමින් 
ජය ගන්නට ජීවිතය ඉදිරියට
දිරිය දෙන පියාණනි
අප සැමගේ ලොවේ
පෑයූ රන් හිරැ ඔබයි

වරැණ ප්‍රසාද් එදිරිසිංහ
12 ශ්‍රේණිය,
කු/වැල්ලව මධ්‍ය මහා විද්‍යාලය, කුරැණගල.

 

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...