ආදරණීය අම්මා

2025 අප්‍රේල් මස 10 පෙ.ව. 07:57 - {{hitsCtrl.values.hits}}  

දස මසක් මා කුස දරාගෙන     වැදුවානේ
උපන්දා පටන් ලේ කිරි කර     පෙවුවානේ
මා ලොකු වූ පසු පාසල්     යැවුවානේ
උකුළේ හොවා ආදරයෙන්     නැළෙවුවනේ

ඔබේ ගුණ කියා මුළු ලොව කලඑළි කළ     හැකිය
උතුම් වදනින් ඔබේ ආදරේ හැඳිනිය     හැකිය
ගෙදර බුදුන් ලෙස ඔබ සම කළ     හැකිය
ඔබේ ආදරෙන් සැමදා මට සක්විති විය     හැකිය

පාසල් යන්නට පොත් ටික     දෙන්නේ
අකුරක් බැරි වූ විට ආදරෙන්     කියන්නේ
මා ලෙඩ වූ විට ආදරයෙන්     බලන්නේ
මුළු ජීවිතේ පුරා ඔබටයි ආදරය     කරන්නේ

නෙලක්ෂි ප්‍රවීනිකා දෙව්මිණි ජයවීර
8 ශ්‍රේණිය,
මො/යශෝධරා  බාලිකා විද්‍යාලය, බිබිල.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...