2025 අප්‍රේල් මස 19 ප.ව. 07:20 - {{hitsCtrl.values.hits}}
ආදර රුකවරණය මට දෙයි සැමදා
රූ නිදිමරා මා වෙනුවෙන් වෙහෙස වුණා
රස ආහාර මා වෙනුවෙන් ඇය හැදුවා
මගේ වටිනා වස්තුව ඔබ වේ අම්මා
සැම ගැටලුවකදිම ඈ මට පිහිට වුණා
දුකේදීත් සැපේදීත් ඈ මා ළඟ සිටියා
දුක්මුසු වෙලාවෙදි ඈ මගෙ දුක නිවුවා
ජාතිත් වටින්නේ මගෙ ආදර අම්මා
වැරදි කරන කොට මට දඬුවම් කෙරැවා
හොඳ වැඩ කරනකොට ඈ මගෙ ගුණ කිවුවා
හොඳ දේ කරන්නට ඈ මට ඉගැන්වුවා
මා හොඳ කෙනෙක් වෙනවිට ඈ සතුටු වුණා
රිතික සේනාන්
6 ශ්‍රේණිය,
ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලය.
![]() |
diary Read more... |