2025 අප්‍රේල් මස 20 පෙ.ව. 04:43 - {{hitsCtrl.values.hits}}
රස කිරි පොවා ආදරේ කරමින් පෙව්වා
හලදුක් දරා මා ඇති දැඩි කර නම්මා
කරැණා ගුණය ඇගෙ හිත තුළ නැත නිම්මා
ගෙදර බුදුන් ලෙස නමදිමි මගෙ අම්මා
හැමදුක් විඳියි මාගේ යහපත සලකා
ඔවදන් දෙන්නෙ හොඳ දරැවෙකු වෙන්න කියා
සිත තුළ ආදරය දරැවන් කෙරෙහි දරා
මාගේ ලොවේ වටිනා සම්පතකි පියා
සෙනෙහස ආදරය නිරතුරැ මට දුන්නයි
මා රුකගන්න සැමදා නිති වෙහෙස වුණයි
දුක සැප දෙකේ දීත් හැමවිට මා ළඟමයි
දොහොත් මුදුන්දී වදිනෙමි මවයි පියයි
එස්.ඩී.චාමි තරංගිකා
11 වැනි ශ්‍රේණිය,
බප/කළු ශ්‍රී ඤාණීස්සර මහ විදුහල,
නාකන්දලගොඩ.
![]() |
diary Read more... |