ආසයි සෙල්ලම් කරන්න

2025 ජනවාරි මස 09 ප.ව. 03:52 - {{hitsCtrl.values.hits}}  

පුංචි ළමා විය     සිරවීලා
පාඩමටම සිත යොමු     වීලා
පිටු අතරට සිත් කොටු     වීලා
සෙල්ලම් අවධිය මග     හැරිලා

යහළු යෙහෙළියන් වෙන්     වීලා
මිතුරැ සබඳතා     නැවතීලා
සමාජ රුල්ලට නතු     වීලා
සෙල්ලම් ලෝකෙම අඳුරැ     වෙලා

සිඟිති සිනා රුල්     නැතිවීලා
දවසෙම ඉගෙනුම     රජවීලා
දුව පැන සිටි විය සිහින     වෙලා
සොඳුරැ ළමා ලොව නැති     කරලා

කණිෂ්ක සම්පත් 
10 ශ්‍රේණිය,
බප/ගම්/ ජනාධිපති විද්‍යාලය,
වේයන්ගොඩ.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...