ඇසළ පොහොය

2025 ජනවාරි මස 08 පෙ.ව. 08:43 - {{hitsCtrl.values.hits}}  

දින හතක් ම සැරසිලි සිරි     විඳලා
අන්තිම දින දේවි ඇවිත්     සැතපුණා
සුදු ඇත් පැටවෙක්  ඇඳ වට     කැරකුණා
පින්බර බෝසත් මවු කුස     පිළිසිඳුණා

සතර පෙර නිමිති දැකලා     කලකිරිලා
ඡන්න ඇමති හා එක්වී කතිකා     කරලා
කන්ථක අසු පිට නැගිලා කුමරැ     පිටවුණා
නේරංජන ගං පියසේ පැවිදිබිමට     පත්වුණා

වටහාගත් ධර්මය ලොවට     බෙදන්න
සෙවුවා ගුරැවරැ දහම්     දෙසන්න
නැතිවිට ගුරැන් පස්වග තවුසන්     දකින
දම් දෙසුවා ඇසළ සඳේ ලොව     සනසන්න

පූජ්‍ය මොනරාගල වංගීස හිමි
බප/කළු/ බෙල්ලන ශ්‍රී ධර්මපාල මහ පිරිවෙන, බෙල්ලන, අගලවත්ත.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...