2025 අප්‍රේල් මස 19 ප.ව. 01:15 - {{hitsCtrl.values.hits}}
මවුපියන් සතුටු වන්න
ඒ පැතුමන් ඉටු කරන්න
හෙට ලෝකය ජය ලබන්න
දුවේ පුතේ ඉගෙන ගන්න
දැනුම වඩන පොත් පත් ටික
දුවේ පුතේ අතට ගන්න
ලොවට ම දස්කම් පාලා
ලොකු මිනිසකු වෙලා එන්න
දැනුමෙන් පිරිපුන් විලා
නුවණින් දැය ජය ලබලා
ලොවටම දස්කම් පාලා
දෙමවුපියන් සතුටු කළා
සඳුන් චතුරංග
10 ශ්‍රේණිය,
ගා/විද්‍යාරාජ ජාතික පාසල, ගාල්ල තවලම.
![]() |
diary Read more... |