ඉගෙනීමේ අගය

2024 දෙසැම්බර් මස 21 ප.ව. 07:45 - {{hitsCtrl.values.hits}}  

දන්නා දෙය නැවත සිහි කරමින්

නොදන්නා අයට එය කියා දෙමින්

දැනුමට මුල් තැන ලබා දෙමින්

සැම විට පොතපතටම ගරු කරමින්

 

දැනුම ලබාගෙන සතුටින් ලොකුවෙන්න

එමගින් හොඳ පිරිපුන් මිනිසකු බිහිවන්න

පොත් කියවා ලොව ජයගන්න

එමගින් හැකි වේඅපිට දිනන්න

 

ජීවිත ගමනට අත්වැල් වන්නේ

දැනුම කිසිම දා නැති නොවන්නේ

අනාගතයට සුර පාර කියන්නේ

ඉගෙනුම අපහට දෙවියන් වැන්නේ

 

අංජලී ප්‍රනාන්දු,

8 ශ්‍රේණිය,

ශාන්ත බ්‍රිජටි කන‍්‍යාරාමය,

කොළඹ 7.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...