ඉගෙනීම

2025 අප්‍රේල් මස 19 ප.ව. 07:16 - {{hitsCtrl.values.hits}}  

හිනාවක් තියාගන්න වෙලාවක් නෑ     දවසේ
ගොඩගැහිලා පොත් ගොඩක් මගේ පොත්     මේසේ
ගෙදර වැඩ ගණන් ගොඩ දකින කොට     මනසේ
ඇතිවෙන්නෙ කැක්කුමක් හිඳනු බැහැ     සුවසේ

ගහ කොළේ මඳ පවනෙ සිසිල නෑ     දැනෙන්නේ
කාමරේ ඇතුළෙ සිට පොතට මුව     ඔබන්නේ
විභාගය නම් කොහොම හරි සමත්     කරන්නේ
සිත ඇතුළෙ කිසිම සැනසුමක් නම්     නොවන්නේ

කවදාක හරි ලැබුණහොත් වෙනස්     කරන්නට
ඉගෙනුමේ සියලූම දොරගුළුත්     කඩන්නට
පියඹලා යන්න සතුටින් දැනුම     සොයන්නට
ලබා දෙනවා ඉඩක් අහිංසක     දරැවන්ට

කාවින්දි හිමාෂිකා
8 ශ්‍රේණිය,
ගා/සවුලන්ඩ්ස් විද්‍යාලය, ගාල්ල.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...