2025 අප්‍රේල් මස 21 ප.ව. 04:18 - {{hitsCtrl.values.hits}}
ඔමරි පානවා ඈ දෑත වනනවා
මට අත වනලා යම් දෙයක් කියනවා
හිමි සඳ සනසනවා ඔහු හා දැවටෙනවා
ඒ පෙම් මල් අතරේ යමකුත් විමසනවා
මට පුදුම හිතෙනවා ඇය මා අමතනවා
හිමියන් ළඟ දැවටී මට අතක් වනනවා
ඈ යමක් කියනවා යම් දෙයක් අසනවා
ඇය මා රවටනවා මට එසේ සිතෙනවා
කිම මට අමතනවා හිමියනුත් සිටිනවා
හේතුව විමසීම වටී මට යන්න හිතෙනවා
දැන් මට වැටහෙනවා මා ඈ හඳුනනවා
ඉසුරැමුණියෙ ඒ යුවතිය අදත් ඉන්නවා
ගල්වඩුව සොයනවා නිමකරැ විමසනවා
හෙළ ගලේ පෙමක් පෙම් යුවළක් කතා කරනවා
මට පුදුම හිතෙනවා මගෙ නෙතු රුවටෙනවා
ඉසුරැමුණියෙ ප්‍රේම යුවළ බුදුන් වඳිනවා
නිම්මි දෙව්මිණි
11 ශ්‍රේණිය,
බප/කැල/ ශුද්ධ වූ පවුලේ බාලිකා මහා විද්‍යාලය, කිරිමැටියාගාර, කඩවත.
![]() |
diary Read more... |