උදෑසනක අසිරිය

2025 අප්‍රේල් මස 20 පෙ.ව. 09:46 - {{hitsCtrl.values.hits}}  

කන්ද උඩින් හිරැ පායා එළිය     කරනවා
ගස්වැල්වල මල් පිපිලා සුවඳ     හමනවා
පුංචි ළමයි කොක්කුන් සේ පාසල්     යනවා
කිචි බිචි ගා කුරැලු පැටවු සින්දු     කියනවා

කුරැලු පැටවුගේ ගී හඬ දසත     පැතිරිලා
කුරැලු මවුන් ඉගිළී ගොස් කෑම     සොයනවා
උදෑසනේ පවන ඇවිත් ඇඟ     දැවටෙනවා
පුංචි අපට මිහිරි සුවඳ සිසිල     දැනෙනවා

පුංචි පුංචි සමනලයන් මල් පැණි     බොනවා
පැණි කුරැල්ලො පැණි බීමට මලවෙත     එනවා
විල් තෙරවල මල් පිපිලා සුව ඳ      හමනවා
උදෑසනේ අසිරිය දැක සතුටු     සිතෙනවා

හිරැෂි සඳෙව්මා
7 ශ්‍රේණිය,
රාජකීය ජාතික පාසල, හොරණ.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...