2025 අප්‍රේල් මස 20 පෙ.ව. 09:38 - {{hitsCtrl.values.hits}}
හිරැ කුමරිය කඳු අතරින් එබී බලනවා
ඇයගේ රන්වන් සේලය වැටී දිලෙනවා
යායට මල් පොකුරැ පිපී සුවඳ බෙ දනවා
මල් සුවඳට බිඟුරුළ රැං රැං නද දෙනවා
මුතුමෙන් තණ පලසේ ඇති පිනි දිලිසෙනවා
හිරැ කුමරිගෙ සිනා සමග සුළඟ හමනවා
සමනලයන් මල සමගින් රහස් කියනවා
සිරි පාදය වඳිනට යන බව කොඳුරනවා
කුක්කු කූක් කුකුළුරජා නාද කරනවා
ඒ නාදෙට පුංචි ළමුන් නැගිට සිටිනවා
කුඩා ළමුන් පාසල් යන්නට සැරසෙනවා
කිරි කොක්කුන් රූනක් සේ පාසල් යනවා
විනුදි සහන්මා බුද්ධදාස
6ශ්‍රේණිය,
බප/ගම්/ බණ්ඩාරනායක මධ්‍ය විද්‍යාලය,
වේයන්ගොඩ.
![]() |
diary Read more... |