2025 අප්‍රේල් මස 10 පෙ.ව. 08:18 - {{hitsCtrl.values.hits}}
කන්ද උඩින් එබී බලන හිරැ කුමරැන් අර බලන්න
කිචි බිචි ගා ගීත ගයන කුරැලු රංචු අර බලන්න
ගීත අහල සතුටු වෙලා පිපෙන කුසුම් අර බලන්න
කුසුම්වලින් පැණි උරන්ට එන බඹරැන් අර බලන්න
සුදු සලුවක් වගේ ඉන්න මීදුම් සලු අර බලන්න
කොක්කු රූන වගේ ඇවිත් වගේ කවුද අර බලන්න
නියරෙ වක්කඩේ වතුරේ නටන්නෙ කවුදැයි බලන්න
පරිසරයට ලස්සන දෙන්නේ කවුරැද අර බලන්න
සුළඟට වැනි වැනි නටනා මල් පොහොට්ටු අර බලන්න
සීතල සුළඟක් හමන්නෙ කවුදැයි දැන් අර බලන්න
මුළු ලෝකෙට එළිය දෙන්නෙ කවුදැයි දැන් අර බලන්න
මල වටකර නැටුම් නටන්නේ කවුරැද අර බලන්න
උදයේ පරිසරය ම ලස්සන වෙනවා අර බලන්න
උදයේ පිබිදී පාසල් යන්නේ කවුදැයි බලන්න
ලස්සන වීලා සුන්දර ලෝකය දැන් අර බලන්න
උදයේ කොතරම් ලස්සන තිබෙනවා දැන් අර බලන්න
නදීෂ සඳකැලුම් කුමාර
8 ශ්‍රේණිය,
කු/පොතුබෝව මහා විද්‍යාලය.
![]() |
diary Read more... |