උදෑසනක මිහිරියාව

2025 ජනවාරි මස 07 පෙ.ව. 02:30 - {{hitsCtrl.values.hits}}  

සිසිල් සුළං     හමන්නේ
අඳුර පලා       දුවන්නේ
එළිය ඇවිත් තියෙන්නේ
මෙන්න මේ උදේ

කුකුළු හාමි හඬන්නේ
කුක්කු කූක් කියන්නේ
ගමම අවදි කරන්නේ
මේ උදෑසනේ

කැකුළු කුසුම් පිපෙන්නේ
සුවඳ දසත    හමන්නේ
කුරැල්ලෝ ගී ගයන්නේ
මේ උදෑසනේ

පුංචි ළමෝ    නැගිටලා
මුහුණ එහෙම සෝදලා
මවුපියෝ පා නැමදලා
අකුරට යනවා

ජනුදි සිහන්සා තෙන්නකෝන්
5 වැනි ශ්‍රේණිය,
බප/මිනු රෙජී රණතුංග විදුහල.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...