2025 අප්‍රේල් මස 21 ප.ව. 10:22 - {{hitsCtrl.values.hits}}
කන්ද උඩින් හිරැ නැගී එයි
සීත සුළං ගත දැවටෙයි
විහඟ නාද දසත ඇසෙයි
මේ සුන්දර උදෑසනයි
මල් පිපිලා සුවඳ දස අත පැතිරෙයි
සමනල්ලු මල්පැණි බොන්නට එති
පුංචි ළමෝ සතුටින් පාසල් යති
මේ සුන්දර උදෑසනයි
උදෑසනම ගොවි මාමා කුඹුරට එයි
කුඹුරෙ ගොයම් පැළ සුළඟට නැළවෙයි
ඉර අව්වට ගස්වල පිනිබිඳු වියළෙයි
මේ සුන්දර උදෑසනයි
මනුෂ ඉඳුවර
9 ශ්‍රේණිය,
මාර/මොරවක කීර්ති අබේවික්‍රම ජාතික පාසල.
![]() |
diary Read more... |