උදෑසනේ අසිරි මැවේ

2025 අප්‍රේල් මස 21 ප.ව. 04:15 - {{hitsCtrl.values.hits}}  

හිරැ කුමරැන් අහස් කුසට පාද     තබන්නේ
නිදා සිටින කුසුම් ලතාවියො     පිබිදෙන්නේ
බඹරැ දෙබරැ මීමැසි කැල පියඹා     යන්නේ
උදෑසනක මිහිරියාව අපට     ගෙනෙන්නේ

ගං ඉවුරේ වක්කඩ ළඟ කොක්කු     පිරෙන්නේ
මාළු පැටවු ඒ මේ අත පීනා     යන්නේ
සුදු පාටින් ළමා පෙළක් පාසල්     යන්නේ
සිසිල් සුළං දුවගෙන විත් අප     සිපගන්නේ

කුරැලු පැටවු තාලයකට සිංදු     කියන්නේ
ගොවි මහතුන් උදලු රුගෙන කුඹුරට     යන්නේ
කුකුළුහාමි හඬලා අන් අය     පුබුදන්නේ
මෙසේ උදෑසනක සිරිය අපට     මැවෙන්නේ

රැක්ෂාණි ඉමන්තිකා
10 ශ්‍රේණිය,
බප/ජය/ මහාමායා බාලිකා විද්‍යාලය,
නුගේගොඩ.

 

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...