උදෑසන අසිරිය

2025 අප්‍රේල් මස 22 පෙ.ව. 01:17 - {{hitsCtrl.values.hits}}  

හිරැ කුමරැන් කඳු මුදුනින් එබී     බලනවා
කුරැලු  පැටව් නිල් අහසේ පියඹා     යනවා
සමනලයන් මලින් මලට ඉගිළී     යනවා
උදෑසනේ අසිරිය තව තව     වැඩිවෙනවා

කුකුළු හඬින් මුළු ගම මිනිසුන්     පිබිදෙනවා
කොකුන් රූන සේ පොඩි අප පාසල්    යනවා
ගොවි ගෙවිලියො උදලු අරන් කුඹුරට     යනවා
පාට පාට මල් පිපිලා සුවඳ     හමනවා

මල් පිපිලා වටපිටාව සුවඳ     කරනවා
ගස්වල පිනි බිමට වැටී රටා     මවනවා
සිසිල් සුළං රොදක් ඇවිත් ඇඟ     දැවටෙනවා
හිමිදිරියේ මහවැලි ගඟ ගලා     බසිනවා

චතුර ජනිත්
9 ශ්‍රේණිය,
සී.ඩබ්.ඩබ්.කන්නන්ගර මධ්‍ය විද්‍යාලය, මතුගම.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...