උදෑසන අසිරිය

2025 අප්‍රේල් මස 21 ප.ව. 10:39 - {{hitsCtrl.values.hits}}  

කන්ද උඩින් ඉර පායා එනවා
ටික ටික දසතම එළිය කරනවා
පුංචි පුංචි මල් පිබිදී එනවා
දසත පුරා මල් සුවඳ හමනවා

ගස්වල ඇති පිනි බිඳු දැක මගේ සිත සැනසෙනවා
මිදුල පුරා හමන සුළඟ ඇඟට සීතලක් ගෙනෙනවා
ලහි ලහියේ මිනිසුන් සැම රුකියාවට යනවා
උදෑසනම අසිරිය දැක සිත සතුටින් පිබිදෙනවා

සියොතුන් සැම ගුවන පුරා
පියඹා මුළු ලොව ම වටා
ලහි ලහියේ කෑම සොයා
පුබුදියි අපි සෑම දෙනා

කවින්ද්‍යා පාරමී සත්සරණි
9 ශ්‍රේණිය,
සුජාතා විද්‍යාලය, මාතර.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...