2025 අප්‍රේල් මස 20 ප.ව. 03:10 - {{hitsCtrl.values.hits}}
උදෑසනම අපේ ගෙදර කුකුළා අඬනවා
කන්ද උඩින් ඉර මාමා එබී බලනවා
ඕලු නෙළුම් පිච්ච කැකුළු මල් පුබුදනවා
ගස් වැල්වල පිනි වැටිලා පණ ගැන්වෙනවා
කපුටො කාක් කාක් කියා දින අරඹනවා
කුරැලු රූන් කැදලිවලින් පියඹා යනවා
ගොයම් කරල් නිල්ල ගැසී පණ ගැන්වෙනවා
හිරැ කුමරා පුංචි අපේ මුහුණ සිඹිනවා
පාන්දරින් මගෙ අම්මා ළිප මොළවනවා
පුංචි මමත් පාන්දරින් මුව දෝවනවා
කිරි කොක්කුන් වගේ ළමුන් පාසල් යනවා
පුංචි මමත් ඒ රූනට එක් වි යනවා
විහාරා දෙව්මිණි බණ්ඩාර
6 ශ්‍රේණිය,
බප/ගම්/ඌරාපොළ මධ්‍ය මහා විද්‍යාලය.
![]() |
diary Read more... |