2025 අප්‍රේල් මස 20 ප.ව. 01:36 - {{hitsCtrl.values.hits}}
කඳු මුදුනින් හිරැ කුමරා නැග එන්නේ
සුවඳ මලින් පරිසරයම හැඩ වෙන්නේ
හිරැ කිරණින් පරිසරයම නැහැ වෙන්නේ
කුරැලු හඬින් පරිසරයම පිබිදෙන්නේ
සිසිල් සුළං ඇවිදින් සිසිලස දෙනවා
සිලි සිලි නද දෙමින් ගස්වැල් නැටවෙනවා
සියපත් සුවඳ මුළුගම තුළ පැතිරෙනවා
උදෑසනේ අසිරිය සිත සනසනවා
මල්පැණි සොයා සමනලයන් පියඹනවා
සුදු ඇඳුමින් ළමයින් පාසල් යනවා
වක්කඩයේ තිත්ත පැටවු පොරකනවා
කුරැලු රූන් නිල් අහසේ පියඹනවා
සචිනි වරංගනා
7 ශ්‍රේණිය,
බප/ජය/ කොට්ටාව ධර්මපාල මහා විද්‍යාලය,
කොට්ටාව
![]() |
diary Read more... |