උදෑසන අසිරිය

2025 ජනවාරි මස 07 පෙ.ව. 02:08 - {{hitsCtrl.values.hits}}  

කන්ද උඩින් හිරැ කුමරා එබී     බලනවා
පුංචි පුංචි මල් ගොමු ගොමු පිපී     දිලෙනවා
කුරැල්ලන්ගෙ කිචි  බිචියත් අපට     ඇහෙනවා
උදෑසනේ අසිරිය මේ     කියාපානවා

පොළොව පුරා පිනිබිඳු රුස්     දිලෙන්නේ
හිරැ කිරණත් පොළොව මතට     වැටෙන්නේ
මල් සුවඳත් දසත පුරා     හමන්නේ
උදෑසනේ අරැණලු මේ     දිලෙන්නේ

රන් හිරැ රුස් කෙඳි ගස් මත     වැටීලා
සමනල බඹරැන් පියඹා     පැමිණීලා
නෙළුම් විලේ මල් සැම අත     පිබිදීලා
උදයේඅසිරිය තව තව වැඩි     වීලා

මනීෂා දිග්ගහරණවක
6 ශ්‍රේණිය,
මාර/තෙලිජ්ජවිල මධ්‍ය වි ද්‍යාලය, මාතර.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...