උදෑසන අසිරිය

2025 අප්‍රේල් මස 02 ප.ව. 09:26 - {{hitsCtrl.values.hits}}  

උදෑසනින් කුකුළො     හඬලන්නේ
පුංචි ළමයි හනිකට     නැගිටින්නේ
අම්මගෙ මුහුණේ සතුට     ගලන්නේ
අපිත් නැගිට මුව කට     සෝදන්නේ

කන්ද උඩින් හිරැ දෙවි නැග     එන්නේ
ළමයින් දුව පැන පාසල්     යන්නේ
මල්වලසුවඳ සැම තැන     පැතිරෙන්නේ
සිසිල් සුළං රුලි ගත     දැවටෙන්නේ

උදෑසනම විහඟුන්ගේ හඬ     නැගෙන්නේ
ගොවියෝ හනිකට කුඹුරට     යන්නේ
ගුරැමව්පියවරැ පාසල්     යන්නේ
උදෑසන අසිරිය දසත     පෙනෙන්නේ

සමිත් මදුසංක
8 ශ්‍රේණිය,
මාර/ කඹුරැපිටිය මහා විද්‍යාලය,
කඹුරැපිටිය.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...