උදෑසන

2025 අප්‍රේල් මස 22 පෙ.ව. 12:32 - {{hitsCtrl.values.hits}}  

හිරැ දෙවියන් හෙමින් හෙමින් අහසේ ඈතට     යන්නේ
කළු වලාව පාවී ගොස්  නිල් අහසෙම     පැතිරෙන්නේ
අහර සොයා ගිය විහඟුන් කැදලි කරා     පියඹන්නේ
මහ වැස්සක ලකුණුත් දැන් අප සැම වෙත     දිස්වන්නේ

මහ සද්දෙන් ගොරවන හඬ මුළු අහසෙම     පැතිරෙන්නේ
පුංචි අපිත් බය කරමින් අකුණුත් පොළොවට     එන්නේ
හෙමින් හෙමින් එක දෙක වැහි බිඳු පොළොවට     වැටෙන්නේ
සුදු පාටට හිම කැට මෙන් මහ වැස්සක්     වැටෙන්නේ

මහ වැස්සේ පුංචි ළමයි කඩදහි ඔරැ පා     කරන්නේ
ගමන් බිමන් ගිය මිනිසුන් ගෙවල්කරා පිය     මනින්නේ
මහ වැස්සක් ඇද වැටිලා මුළු පොළොවම තෙත්     වන්නේ
මහ වැස්සක අසිරිය දැන් අප සැම දෙන     දැකගන්නේ

සසුනි මෙතාසා
10 ශ්‍රේණිය,
බප/ජය/විද්‍යාකර බාලිකා විද්‍යාලය,
මහරගම.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...