උදෑසන

2025 ජනවාරි මස 09 පෙ.ව. 01:52 - {{hitsCtrl.values.hits}}  

ගිනි බෝලේ වගේ උඩට ඉර     පායනවා
කුරැල්ලන්ගේ කිචි බිචි නද දසත     නැගෙනවා
ළමයි උදේ සුදු මල් සේ පාසල්     යනවා
පාට පාට මල් හැම තැන විකසිත     වෙනවා

මී මැස්සන් සමනලයන් මල් වෙත     එනවා
හිරැ එළියෙන් මුළු ලෝකෙට එළිය     ගෙනෙනවා
මල් ගස්වල මල් පිපිලා සුවඳ     හමනවා
එය දැකලා අපේ සිතට සතුට     දැනෙනවා

උදෑසනේ කුකුළු හාමි අවදි     කරනවා
මිනිසුන් හැම හිමිදිරියේ වැඩ     අරඹනවා
කඩිසර වී සියලු සතුන් කෑම     සොයනවා
ප්‍රබෝධවත් උදෑසනක් අපට     ලැබෙනවා

ඉසුරැ ලක්ෂාන්
6 ශ්‍රේණිය,
බප/ගම්/ ඌරාපොළ මධ්‍ය මහා විද්‍යාලය.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...