2024 දෙසැම්බර් මස 21 ප.ව. 06:07 - {{hitsCtrl.values.hits}}
අසාවි පුටුවේ ඔෆිස් කාමරේ හිඳගෙන සිටියා අප්පච්චි
දවස ගෙවෙනතුරැ එතැනම හිඳගෙන සිතාසි ලිවුවා අප්පච්චි
සිඳු ලෙස නිවසෙහි බර දරාන මහ මෙරක් ලෙසින් සිටි අප්පච්චි
මා මෙලොවට ඉපදෙනා තුරැම ඇයි ඒ ලෙස නොහිටියෙ අප්පච්චි
මේ ලොව හැර ගොස් දෙව් ලොවෙහි උපන් ආදරබර මගෙ අප්පච්චි
මා ගයනා මේ වැලපුම් ගීයට සවන් යොමනු මැන අප්පච්චි
ඔබෙ ඔය රැව හැබැහින් දකින්න පින් මදිවුණාද මට අප්පච්චි
එනමුදු ඔය රැව හැබැහින් දකින්න පින් මදිවුණා ද අප්පච්චි
ඇගෙ සිවුමස් සපිරැණු කුස තුළ හිඳ මම හැඬු හැටි ඔබ දන්නවද
ගුරැතුමි ඔබ ගැන ඇසු විට මමඑතැනදි හැඬු හැටි ඔබ දන්නවද
මෙවන් දුකක් යළි කාටත් නොදෙන්න ඔබ මට පොරොන්දු වෙනවාද
භවයෙන් භවයට නිවනට යනතුරැ මගෙ පිය රජු ඔබ වෙනවාද
ගෙත්මි විමර්ශනා
10 ශ්‍රේණිය,
මො/මහානාම ජාතික පාසල, මොනරාගල.
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |