2025 අප්‍රේල් මස 20 ප.ව. 02:29 - {{hitsCtrl.values.hits}}
පිපේ නෙළුම් ගඟේ විලේ ඇළේ
තිබේ වලාකුළු අහසේ නිලේ වෙලේ
නොපේන තෙක් ඈත මගුල් ගෙයක් ව ගේ
උදෑසනේ අසිරිය මින් තව වැඩිවේ
පාන්දරින් කුකුළා හඬලන්නේ
හිමිදිරිය උදා වූවා යැයි පවසන්නේ
කුරැල්ලන්ගෙ කිචි බිචි හඬ ඇසෙන්නේ
උදෑසනත් ඉතා මිහිරි වුණානේ
තණ පලසේ පිනි බිඳු මුතු කැට මෙන් දිලිසෙන්නේ
තුරැ ලතා උදෑසනම කොළපාටින් බබළන්නේ
නිදිගත් මල් ගොමු පිබිදී හිනැහෙන්නේ
හිමිදිරිය උදා වි යැයි හිරැ පවසන්නේ
නුවන්ත නිශාන් වනිගසුන්දර
6 ශ්‍රේණිය,
බප/ගම්/ ඌරාපොල මධ්‍ය මහා විද්‍යාලය.
![]() |
diary Read more... |