කජු වාරේ

2025 අප්‍රේල් මස 21 ප.ව. 10:09 - {{hitsCtrl.values.hits}}  

කොහාගෙ කාරිය පටන්     ගැනෙනවා
එරබදු ගස් රත් පැහැවී     යනවා
කැවුම් කොකිස් හැමතැනම     බැදෙනවා
කජු වාරේ අත ළඟටම     එනවා

අම්මා ගෙයි ලිප ගිනි     මොළවන්නේ
අනෙක් සැවොම වැඩ     අල්ලන්නේ
ආහාර ගෙන ගනුදෙනුව     කරන්නේ
වෙද සීයයි හිසතෙල්     ගල්වන්නේ

ඔංචිලි වාරම් දසත     ඇසෙන්නේ
රබන් පදේ හඬ පිළිරුව්     දෙන්නේ
අවුරැදු කුමරිය ගම     සරසන්නේ
අවුරැදු අසිරිය මැවී     පෙනෙන්නේ

ඩී. තිසරි මල්ෂා සිල්වා
8 වැනි ශ්‍රේණිය,
පානදුර අගමැති බාලිකා මහ විදුහල,
කළුතර.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...