2025 මැයි මස 15 ප.ව. 07:45 - 167
කොළ වර්ණ පත්වලින් වැසීගොස් කටු පඳුර
ළා රෝස පැහැය ගත් මල් කැකුළ වඩාගෙන
සෙමින් ඇස් ඇර බලා විකසිතව පෙති දරා
සිනාසෙන රෝසමල අගයාවි නෙත් රුසක්
හිමිදිරියෙ පිනි බින්දු රෝස පෙතිමත දිලේ
හිරැගෙ මුදු රුස් දහර පිනි කැටේ මුතු මවයි
සිනාසෙන රෝස මල නෙතු පුරා විඳගම්න
නිතර ගැවසුණ පිරිස් වර්ණනා බස් සමග
ටික දිනක් යයි ගෙවී දුෂ්කරය රුඳෙන්නට
සෙමින් තම නෙතු පියා මුකුලිතව පෙති සලයි
රෝස මල නොමැත දැන් සිනාසෙන්නට යළිත්
කටු පඳුර තනිකමින් කල් ගෙවයි යළි වරක්
කාවින්දි අනුත්තරා
12 ශ්‍රේණිය,
අම්/රජගලතැන්න මහා විද්‍යාලය,
අම්පාර.
![]() |
diary Read more... |