2025 අප්‍රේල් මස 21 ප.ව. 10:05 - {{hitsCtrl.values.hits}}
මිලදී මිලට ගත හැකි යම් දේ ඇත් ද
ජීවිත ඔට්ටු වන්නේ මුදලින් නොවෙද
මිනිසුන් සැවොම රතු ලේ බව අමතක ද
කරැණා සිතක් උපදවන්න බැරි මන්ද
පපු කුහරයේ සිර කරගත් තණ්හාව
නෝට්ටුවක් දුටු විගසින් වැඩි නිතර
කිසිවෙක් නොමැත බෙදනු පිණිස කරැණාව
පැණි කොතලෙට කූඹි වැහුවා වගෙ නිතර
ඔබගෙන් ඉල්ලුවොත් කවුරැත් කරැණාව
පුදන්න එය නිමල සිතින් සැමදාම
බුදු හිමි දෙසූ ලොවම සැනසූ කරැණාව
වියැකී නොයන් මිනිස් සිතින් කිසිදාක
අමන්දා ප්‍රසාදි
11 ශ්‍රේණිය,
දප/ඇල්ක/ගා/ ගණේගොඩ මහ විදුහල,
ඇල්පිටිය.
![]() |
diary Read more... |