කවි පෙළක්

2025 අප්‍රේල් මස 19 ප.ව. 01:08 - {{hitsCtrl.values.hits}}  

තවම පිපෙන මල් කැකුළු     අපි
එපා නරක වැඩ හොඳ වැඩ කරමු     අපි
නරක වචන කතා නොකරමු     අපි
නිතරම වැඩිහිටියන්ට සලකමු     අපි

දස  මසක් කුස දරා අප බිහි කළ     අම්මා
රතු ලේ සුදු කර අපට පෙවූ     අම්මා
මෙලොව එළිය පෙන්වු     අම්මා
කිසිවකුටත් සම කළ නොහැකිය     අම්මා

මහන්සි වි අප දැඩි කළ     තාත්තා
පුතේ කියා අප අමතන     තාත්තා
දඬුවම් කළත් තරහට නොව     තාත්තා
ලොවක් වඳී මගෙ රන් බුදු     තාත්තා

චාමික ෂෙහාන් කුමාරඇල්ල
6 ශ්‍රේණිය,
මහ/රණසිංහ ප්‍රේමදාස ජාතික පාසල,
හසලක.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...