කැඩුණු සපත්තුව දාගෙන පාසල් යන මං

2025 අප්‍රේල් මස 21 ප.ව. 04:09 - {{hitsCtrl.values.hits}}  

කඳු පන්තිය අතරින් හිරැ එබී     බලනවා
නව දවසක අරැණලු කැන් පිපී     දිලෙනවා
විහඟුන් සැම කෑම සොයා පියඹා     යනවා
මා තනියෙන් පාසල වෙත යන්න     හදනවා

අම්මාගේ දෑඟිලිවල ඇත ඉඳිකටු     ඇනිලා
කිහිපවිටක් මැසූ නිසා එය පරණ     වෙලා
සපත්තු මගෙ කැඩුණු නිසා ඇත සිත     තැළිලා
බය වෙන්නට එපා අම්මෙ මම එමි     දිනලා 

පාසල්වල විහිලු තහලු සැමවිට     ඇත්තේ
මම නැහැනේ කිසිම දෙයක් කනකට     ගත්තේ
හදිසියෙම ගුරැතුමි නෙත මා පය     ගැටුණේ
දුක හිතිලා සපත්තු මට පසුදින     දුන්නේ

පසිඳු චමල්ක
12 ශ්‍රේණිය,මැදි මහ විදුහල, මතුගම.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...