2025 අප්‍රේල් මස 10 පෙ.ව. 07:54 - {{hitsCtrl.values.hits}}
දසත විසිරැණු හදවතක්
එකට එක්කළ එක දෙයක්
මහා බමුණන් කියූ දෙයක්
වටියි ලොවකට එක පොතක්
ගුප්ත හැඟුමන් දසත විසිරැණු
සුවඳ හමනා අකුරැ සපිරැනු
ලොවක කාරණ එකට ගොනු වුණු
අමිල වස්තුව ලොවට රජවුණු
කියා නිමකළ නොහැක අගයන්
හදමු පාරාදීස කියවුම්
හදයි පිරිපුන් මනස නිරවුල්
කියවමුයි යම් දිනෙක ජයබිම්
ඒ.ජී.උදාරා නෙත්මි කරැණාරත්න
9 වැනි ශ්‍රේණිය,
මහ/පුෂ්පදාන බාලිකා විදුහල, මහනුවර.
![]() |
diary Read more... |