කුරිරු ජල කඳ

2025 අප්‍රේල් මස 20 පෙ.ව. 09:25 - {{hitsCtrl.values.hits}}  

සුළඟට එකතුව අඳුරැ වලාකුළු පාවී ආවා අපව     සොයා
සිතුවේ නෑනේ අපහට මෙතරම් විපතක් කිසිදින කරයි     කියා
ගන්නට බැහැනේ හනිකට සැමදේ ඇඳිවත පමණක් ඇඟේ     තියා
අල්ලගන්න වුණි අසුවුණ සැමදේ ජීවිත පමණක් රුකෙයි     සිතා

අප රුකගන්නට සිතුවා සැමදෙන එකතුව අප ගැන සොයා     බලා
යන්නට නොහැකිව ජල දහරා මැද ආවනෙ ගුවනින් අපව     සොයා
පාසල් කඳවුර පිරී ගොසින් අද සැමනෙත් කඳුළින්     පුරවාලා
සිතුවේ නෑනේ කිසි ලෙසකින්වත් ජීවිත මෙලෙසින් රුකෙයි     කියා

පාසල් පොත්පත් ගලා ගියානේ පොඩිකල පා කළ ඔරැ     වාගේ
හදවත කෙලෙසද ඉවසා ගන්නේ පාසල් යන්නට මට     බැහැනේ
අඳින්න ගවුමක් මා හට නෑනේ තිබු එක ගවුමත් වතුරෙ     ගියානේ
ගුරැතුමි මා හට ඔබව බලන්නට නැවතත් එන්නට බැරි     වෙයිනේ

ප්‍රභාෂි චමෝද්‍යා
11 ශ්‍රේණිය,
බප/මතු/ ශාන්ත මේරි 
මහා විද්‍යාලය, මතුගම.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...