2025 අප්‍රේල් මස 21 ප.ව. 07:29 - {{hitsCtrl.values.hits}}
අසූ වයස් බුදු කය වැහැරී ගොසිනේ
ඇති බව අනඳ හිමි දෙසවන් මත තැබුණේ
තමා හට තමා මිස කිසිවෙකු නැතිණේ
තෙමසක ආයු කාලයකුයි ඉතිරි වුණේ
බේලුව ගමේ අවසන් වස් ගත කෙරැණි
සූකර පුත්‍ර දුන් දන වළඳා සුවෙනි
විසල් මහනුවර දෙස අවසන බැලුනි
අවසන් යසෝ ලැව් පිටියට වැඩම වුණි
උපවත්තන උයන එළිකර සඳ සාවී
නෙක නෙක සල්මලින් බුදු සිරැරම නෑවී
අනියත රස ගෙනෙන බුදු කය නිසල නිවී
හැඬුවයි එලෙස කුසිනාරාවම පියවී
ඩබ්ලියු. විශල් බොතේජු
10 වැනි ශ්‍රේණිය,
මහින්ද රාජපක්ෂ විද්‍යාලය, හෝමාගම.
![]() |
diary Read more... |