කුසිනාරාවේ මා සිටියානම්...

2025 මැයි මස 08 ප.ව. 03:36 - 71  


වෙසක් පෝය හඳ අහසේ නැගෙන     විට
සහසක් පහන්වැටි දැල්වී සැලෙන     විට
ලෝකයේ රැදුරැ බව වැඩියෙන් දැනෙන විට
මගෙ සිත ඉගිළේවී කුසිනාරා     පුරට

මගෙ බුදු පියාණන් නිවනට වඩිනු     කලින්
ඇරයුම් කළා නම් වසවත් මරැට     කලින්
තව කප් දහක් කල් අප මුදවන්ට     දුකින්
බුදු හිමි ජීවමානව බණ දෙසයි     නිතින්

මගෙ බුදු පියාණන් පිරිනිවනට     වැඩිය
දා මොහොතෙහි ඉන්ට මා පින් කර නෑ     වැඩිය
එදවස ඉන්ට වුණි නම් මගෙ සිත     සැටිය
හැඬුමටවත් ඉඩක් මට හිමිවනු     ඇතිය

ප්‍රියංකා හිමාලි ධර්මසිරි
8 වැනි ශ්‍රේණිය,
ර/බළ ආනන්ද මෛත්‍රීය මධ්‍ය මහ විදුහල.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...