කුසිනාරා නූවර කඳුළින් තෙත් වූවා...

2025 අප්‍රේල් මස 21 ප.ව. 07:17 - {{hitsCtrl.values.hits}}  


කුසිනාරා නුවර උපවර්තන     උයනේ
අකලට පිපුණු සල්මල් ගැවසුණු     සෙවණේ
අවුරැදු අසූවක තම ජීවිත     ගමනේ
නැවතුම සනිටුහන් කළ බුදු     සමිඳුන්නේ

පන්සාළිස් වසක් ලොව වෙත දම්     දෙසුවා
ඒ දම් අසා බොහෝ දෙනා මගඵල     ලැබුවා
ලෝ සත අමා දිය දහරින්     සැනසූවා
ඔබෙ ගුණ කවිවලට ගෙතුමට මට     බැරැවා

සල් මල් සුවඳ, කුසිනාරාවම     වෙළුවා
දෙවියන් බඹුන් මල් ඉස ඉස ශෝක     වුණා
කුසිනාරා නුවර කඳුළින් තෙත්     වූවා
මෙය ඉවසනු බැරිව මහ පොළවත්     හැඬුවා

අසරණ වූ අයගෙ පිහිටට ඔබ     සිටියා
අසරණ වූ අපට ධර්මය තබා     ගියා
ඇති වී නැතිවීම සසරේ උරැමයයි     කියා
සම්බුදු සමිඳු සසරින් එතෙරට     වැඩියා

ටිෂානි චන්ද්‍රසේකර
9 වැනි ශ්‍රේණිය,
කෑ/ශාන්ත ජෝසප් බාලිකා මහා විද්‍යාලය,
කෑගල්ල.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...