කොත්මල් කුමරිය

2025 ජනවාරි මස 09 පෙ.ව. 01:55 - {{hitsCtrl.values.hits}}  

හැඩ වැඩ වෙවී ගඟ පහළට ගලා     බසී
ගල්පරවල හැපී පහට ගලා     බසී
දුටු නෙත්වලින් ගං කුමරිය බලා     සිටී
හරි මනහරයි ගං කුමරිය ගලා     බසී

කොත්මල් කුමරියත් පියකරැ     කරමින්නේ
මින්රළ රංචු ගැසෙමින් පිහිනා     යන්නේ
සොබා දහමෙ අසිරිය මින්     පෙන්වන්නේ
ඇස් පිය නොසලමින් ඒ දෙස     බලමින්නේ

මහ වැසි වැටී ගං කොමළිය    සැරවෙන්නේ
බාධක බිඳ දමා පහළට     ගලමින්නේ
බියකරැ බවයි ඒ අතරින්     පෙන්වන්නේ
සොබා දහම මෙය යැයි ඇය     පෙන්වන්නේ

තරැෂි නිලුපුලි ප්‍රබෝධිනි
10 ශ්‍රේණිය,
නු/සුමන ද්වීතියික පාසල, තලවාකැලේ.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...