ගංගාවේ ජීවිතය

2025 ජනවාරි මස 09 ප.ව. 03:58 - {{hitsCtrl.values.hits}}  

අහස සිඹින හෙල් මුදුනක
ඇරඹුමට හිමිකම කියන ඔහු
විටෙක ගල්කුළු මත ම හැපී
ධවල පෙණ පිඬු උපදවමින්
උන්මාදයෙන් රංගනයේ යෙදෙයි
වෙහෙස වූ විට රංගනයෙන්
හතිලයි නිසසලව
කුසුම් පෙති මතට 
පිනි දියර ඉසිමින්
සුදු සේල දවටාගත් නදිය
මනාලිය සේ
සොයයි සාගරය හා එක්වන්නට
එතැනයි නිමාව නදියට උරැම

දෙව්මි මිනෝජා සෙනෙවිරත්න
10 ශ්‍රේණිය,
කෑ/ ගලිගමුව මධ්‍ය මහා විද්‍යාලය.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...