2025 මැයි මස 04 ප.ව. 01:38 - 647
කඳු මුදුනක සිට කඩා හැලෙන්නේ
ගස් ගල් අතරින් රිංගා යන්නේ
කෙත් බිම්වලටත් ජලය බෙදන්නේ
ගංගාවක වග අපට කියන්නේ
දවස පුරා නිසොල්මන්ව ගලා බසින්නේ
පොළෝතලේ සරැ කරමින් මුහුද සොයන්නේ
මිණිකැට මවමින් ධනය වඩන්නේ
ගංගාවක හඬ අසිරි මවන්නේ
රට හැඩ කරමින් සිත් පිනවන්නේ
ගස් වැල්වලට ද සවියක් වෙන්නේ
එක එක තාලෙට හඬ නංවන්නේ
ගංගා මාතා සයුර සොයන්නේ
අයේෂා සමින්දි ජයවික්‍රම
9 ශ්‍රේණිය,
කුලි/ නාගොල්ලාගොඩ ම.ම. වි,
නාගොල්ලාගොඩ.
![]() |
diary Read more... |