2025 පෙබරවාරි මස 22 ප.ව. 10:15 - {{hitsCtrl.values.hits}}
වතුර බිංදු හරි සැරේට අහසෙ ඉඳලා ආවා
මිදුල පුරා ගංගාවක් වගේ ගලාගෙන ගියා
මිදුලෙ ඉන්න බැරි තරමට වතුර ටිකම බොර වූවා
ඒ වතුර ම ගලා ගොසින් මුළු ගම යට වූවා
අපේ ගෙදර වහල ළඟට වතුරෙන් යට වූවා
ඉස්කෝලේ පොත් ටික මගෙ වතුරේ පා වූවා
කරුණාවක් නැති විදියට වතුර නපුරු වූවා
වතුර ගැලුව තරම් මටත් එයින් කඳුළු ආවා
ඉසාරා ගිම්හානි,
7 ශ්‍රේණිය,
කොළොන්නාව බාලිකා විද්‍යාලය,
කොළොන්නාව.
![]() |
diary Read more... |