2025 අප්‍රේල් මස 18 පෙ.ව. 08:13 - {{hitsCtrl.values.hits}}
ගිරි මෙර හෙල් තුළින් ඇදිලා මනහර ය
ගල්වැටිවල වැදී එන නද කන්කලු ය
වනපෙත් තෙත් කරන් යනවිට නිල්වන් ය
ගං කොමළිය ගලනා සැටි සුන්දර ය
දිය බිඳුවකින් ඉපදී ගිරි හෙල් අතරේ
දිය බිඳු දහසකින් වපුරා රන් දෙරණේ
නිම කර සරැබිමක් තෙදැසින් ලක් දෙරණේ
ගං කොමළිය ගලයි සයුරට හෙමින් සැරේ
රැදුරැ වූ විටදි මිනිසත්කම් නොතකා
දෝරේ ගලයි ජල කඳ දන දුකට හෙළා
රකින විටදි ගං කොමළියො සියලු දෙනා
නිමලව ගලයි සතුටින් අප සැම රකිනා
කණිෂ්ක සම්පත්,
11 වැනි ශ්‍රේණිය,
බප/ගම්/ජනාධිපති විද්‍යාලය,
වේයන්ගොඩ.
![]() |
diary Read more... |