2025 අප්‍රේල් මස 20 පෙ.ව. 01:49 - {{hitsCtrl.values.hits}}
උදෑසනින් හිරැ පායා නැග එන්නේ
මුළු ගමේ ම කුරැලු රංචු පියඹන්නේ
පුෂ්ප තුරැලතා සියල්ල පිබිදෙන්නේ
ගම්මානයේ අසිරිය දස අත පැතිරෙන්නේ
විහඟුන්ගේ ගීත දසත රුව්දෙන්නේ
ගම් වැසියන් සියලුදෙනා නැගිටින්නේ
සිහිල් සුළං ගම්මානය පුබුදන්නේ
කෙත්යාය ම සුන්දර ලෙස නැළවෙන්නේ
ගමේ මැදින් ගලනා ගඟ මනහරය
කෙත්වතු පෝෂණය කරමින් ගලායන
ගම්මානයේ දරැ දැරියන් සතුටුවෙන
මගේ ගමේ අසිරිය දැක්විය හැකි ය
සිතුම් මියුරංග
10 ශ්‍රේණිය,
ගා/ක්‍රිස්තු දේව පිරිමි විද්‍යාලය, බද්දේගම.
![]() |
diary Read more... |