2025 අප්‍රේල් මස 20 පෙ.ව. 04:41 - {{hitsCtrl.values.hits}}
බෝපත් සිලි සිලි නද දෙන්නේ
ඝණ්ටා නාදය සවස ඇසෙන්නේ
තෙල් මල් අරගෙන පන්සල් යන්නේ
පහන්වලින් රුය අඳුර මකන්නේ
ඉරැ දින දරැවන් පන්සල් යන්නේ
යහපත් ගුණදම් ඉගෙන ලබන්නේ
හොඳ ළමයින් වී සතුටු ලබන්නේ
අඳුරෙන් එළියට මග පෑදෙන්නේ
යහපත් පුරවැසියන් බිහි වන්නේ
සොර සතුරන් අඩු වීලා යන්නේ
ගුණ දම් තිබෙනා මිනිසුන් ඉන්නේ
සමාජේ දැන් නම් යහපත් වන්නේ
සන්ධ්‍යා කුමාරි
7 වැනි ශ්‍රේණිය,
ර/ගිලිමලේ සමනල මහා විද්‍යාලය, රත්නපුර.
![]() |
diary Read more... |