2025 අප්‍රේල් මස 20 පෙ.ව. 01:40 - {{hitsCtrl.values.hits}}
කිරි සුදු පාටින් රුස් දහරා
වෙහෙරෙන් ගලනා රුස් දහරා
නිල් පාටින් කොළ ලෙළදෙන
බෝධිය අනුහස දෙනවා
දුටුවම සැමගේ සිත නිවෙනා
බවුන් වඩන්නට සැම සිතනා
වෙල් යායෙන් වටවී තිබෙනා
පන්සල් අසිරිය මේ ලෙසිනා
සැන්දෑවෙහි සුදු පාටින් බැබලී
ගැමි මිනිසුන් පන්සල වෙත එක්වී
සාදු හඬින් ගම හැම තැන නද දී
සැම ජීවත් වෙයි සාමය පැතිරේ
ඔෂානි ප්‍රසාදිකා
8 ශ්‍රේණිය,
මාර/සුජාතා විද්‍යාලය, මාතර.
![]() |
diary Read more... |