ගලන මැණික

2025 අප්‍රේල් මස 21 ප.ව. 10:15 - {{hitsCtrl.values.hits}}  

නිල්වන් ජලධාරා ගෙන වඩිනවා     තාලෙට
සන්සුන් වී පෙණ කැටි විසුරැණා     පහළට
ලැජ්ජාවෙන් වත හංගා හිනැහෙනවා     සිතට
පින්වත් ‍‘මැණිකේ‍‘ යන්නේ බුත්තල     හරහට

දෙවැට දිගෙත් කුඹුක් රාජ කරවා     රුකුමට
ගැබ්බර සිත කාවද්දයි පෙන්වා     තුටුවට
කෙත් යායට ඔමරි කරයි මඳහස්     පැතුමට
හරවයි ඇගෙ  වත දේදුනු වන් වු     පැහැයට

ගලන මැණිකේ මවා ගනියි කොමළෙට     තරහක්
ගස්සයි ඇගෙ දිගු කෙහෙරුළි හරවා     වටයක්
ඇගේ ජලය පිස දමාවි වැටෙනා     කඳුළක්
අපේ ගමට මැණික් ගඟත් වේවා     මැණිකක්

සඳමිණි රවිහංසා සරණසූරිය
10 ශ්‍රේණිය,
බ/විශාකා බාලිකා මධ්‍ය මහා විද්‍යාලය,
බණ්ඩාරවෙල.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...