2025 අප්‍රේල් මස 10 පෙ.ව. 08:23 - {{hitsCtrl.values.hits}}
සුමුදු නැති කළු ගල් කුලේ
නෙළූ අවුකන රැව පෙනේ
ඔබේ කුඩා ගල් කටු තුඩේ
ගේ කවි සිත නැවතුණේ
කලා වැවෙන් හමනා පවනේ
බුදු සිවුරේ රුලි සෙලවුණේ
දයාවක් නැති කළු ගලේ
කෙසේ ද දයාව දිස්වුණේ
කලා වැවේ අබියස ඔබේ
විසල් නිමැවුම නෙත ගැටේ
ඒත් නොදනිමි මිනිසුනේ
ඇයි ද ඔබ ඔහු නොසෙවුවේ
හිමාෂි මුණසිංහ
10 ශ්‍රේණිය,
සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලය, කොළඹ 7.
![]() |
diary Read more... |