ගව සම්පත

2025 අප්‍රේල් මස 20 පෙ.ව. 04:41 - {{hitsCtrl.values.hits}}  

පිරිසුදු තණකොළ කාලා මම දිවිය     ගෙවන්නේ
තරැණ කලදි ඔබලා මගෙන් වැඩ     අරගන්නේ
මට පුළුවන් හැම විටදිම උදවු     කරන්නේ
ඇයි මිනිසුනි ඔබලා මේ ගව මස්     කන්නේ

තරැණ කලදි මා වෙහෙසා බර වැඩ     ගන්නේ
හැම උදෙන්ම ඔබලා හට කිරි     සපයන්නේ
කුඹුරැ වැඩට හැම විටදිම උදවු     කරන්නේ
ඇයි මිනිසුනි අප මරලා මළකුණු     කන්නේ

ඔබට උදවු කළ මා හට මෙලෙසද ඔබ     සලකන්නේ
පිරිසුදු සිත් ඇති ඔබහට නැද්ද දුකක්     ඇතිවන්නේ
මස් කඩයට දක්කන විට කඳුළු නෙතින්     වැගිරෙන්නේ
මළකුණු කා ඇයි මිනිසුන් පව් පුරවා     ගන්නේ

සිරිලක් බොදු     මිනිසුන්නේ
ඇයි ඔබ මළකුණු     කන්නේ
ජීවිත දානය     දෙමිනේ
ගව සම්පත     සුරකින්නේ

අමන්දා මෙලනි
11 ශ්‍රේණිය,
ගා/ශාන්ත අන්තෝනි නවෝද්‍යා පාසල,බද්දේගම.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...