2025 අප්‍රේල් මස 19 ප.ව. 09:20 - {{hitsCtrl.values.hits}}
උණුසුම මැඩලමින් සිසිලස ලබා දෙන
රස පලතුරැ දෙමින් හැම කුසගිනි නිවන
බුදු පුදටත් නෙක පැහැ මල් ලබා දෙන
ගස්වැල් රකිමු පණ මෙන් අප හැම නිතින
හැම සතුනගෙ කුසගින්නට පල දෙන්නේ
ජලය බෙදන දිය උල්පත් රුක ගන්නේ
ලෙඩට දුකට අපහට ඖෂධ දෙන්නේ
ගස්වැල් රුකුම හැමගෙම යුතුකම වන්නේ
දිවි පැවතුමට පිරිසුදු වාතය දෙන්නේ
අව් රශ්මියට හොඳ සෙවණකි සපයන්නේ
සොබා සිරිය රුක ගැනුමට උර දෙන්නේ
ඔබෙ රැව නිසයි ලක්මව ලොව දිදුලන්නේ
හිමංසා සෙව්මිණි
8 ශ්‍රේණිය,
මාර/සුජාතා විද්‍යාලය, මාතර.
![]() |
diary Read more... |