ගැමි සුන්දරත්වය

2024 දෙසැම්බර් මස 21 ප.ව. 07:53 - {{hitsCtrl.values.hits}}  

වතුපිටි සියලු තිබුණේ එකටයි සබැඳී

එකමුතුකමයි පෙනුණේ සැමතැන එහිදී

සුන්දරබවේ සුලමුල මට කියාදිදී

ගම්මානයක් පෑවා අසිරිය මෙහිදී


 

නිදහස දැනේ ගම නම් හරි මනහාරයි

තරගය පිරුණු නගරය නම් නොගැලපෙයි

ගසින් පිරුණු ගම්මානෙට මම ආසයි

නගරෙට යන්න මට නම් දැන් බැරි පාටයි


 

මුදලට සතුට අරගත හැකි බව දනිමි

එනමුදු එහි පැවතුම නම් කෙටි කලකී

සතුට තිබෙනුයේ සුන්දර බව ළඟදී

ගම්මානය ඒ බව මට කියාදුනි


 

නිසලි සසිත්මා,

/තක්ෂිලා මධ්‍ය විද්‍යාලය,

හොරණ.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...